පන්ති කාඹ­රය නිර්මා­ණ­ශී­ලි­ත්වය ඔප්නං­වන තැනක් විය යුතුයි – අග­මැති.

ඇතැම් දරු­වන් ටියු­ෂන් නොයන හෙයින් පාසල් අධ්‍යා­ප­නය ඉතා වැද­ගත් බවත් අග­මැති දිනේෂ් ගුණ­ව­ර්ධන මහතා පැවැ­සීය.

කොට්ටාව උතුර, ධර්ම­පාල විද්‍යා­ලයේ ශ්‍රව­ණා­ගා­රය සහ ගෘහස්ථ ක්‍රීඩා­ගා­රය සිසු අයි­ති­යට පත්කි­රීමේ අව­ස්ථා­වට ඊයේ (10) එක්වෙ­මින් අග­මැ­ති­ව­රයා මේ බව පැව­සීය.

අග­මැ­ති­ව­රයා වැඩි­දු­ර­ටත් මෙසේද පැවැ­සීය.

පාසල් පන්ති­කා­ම­රය තුළ දරු­වන්ට විශ්වා­ස­යෙන් හා සතු­ටෙන් ඉගෙ­නීමේ පරි­ස­රය නිර්මා­ණය කළ යුතුයි. රාජ්‍ය පරි­පා­ලන ඇමැ­ති­ව­රයා කියන නාම­යට වඩා තමන් මහ­ර­ගම මන්ත්‍රී­ව­රයා වශ­යෙන් ඉටු­කළ සේව­යට කැමැ­තියි.

ධර්ම­පාල යන නාමය ජාති­යක ජීව­යයි. ධර්ම­පාල මහා විද්‍යා­ලය සියක් වස­ර­කට එහා ආරම්භ වී ධර්ම­පා­ල­තු­මන්ගේ අති­ශය උතුම් ජාතික චින්තාව පාස­ලට එක් වෙන දරු­වන් මඟින් අනා­ග­ත­යට ගෙන­ය­නවා. විශි­ෂ්ට­යන් අතර අද බැබ­ළෙ­නවා. එයින් පිට වෙන දරුවෝ පාසලේ ගෞර­වය ජාති­යට හිමි­කා­රී­ත්වය ලබා­ගත හැකි දැනුම සම්පූර්ණ වූ ක්‍රියා­දා­ම­යට එක්විය හැකි පුර­වැ­සි­යන් බවට පත්වෙ­නවා. අපේ මවු­පියෝ දීර්ඝ කාල­යක් මේ සාර්ථ­ක­ත්වය ගෙන ඒම සඳහා කරන ලද ඉල්ලීම් මා හොඳින් දන්නවා.

ගොඩ­නැ­ඟිලි පම­ණක් නොව විවිධ ක්ෂේත්‍ර­යන්ට පිවි­සිය හැකි පාඨ­මාලා වලින් පාසල් ශක්ති­මත් කිරීම අනා­ග­ත­යට යන දරු පර­ම්ප­රා­වට අප ඇති­කර තිබෙන පද­න­මයි. අද මේ පාස­ලෙන් පළමු වරට උසස් පෙළ දරු­වන් තිදෙ­නෙක් විශ්ව­වි­ද්‍යා­ල­යට තේරී­මට සුදු­සු­කම් ලබා තිබෙ­නවා. කොයි­ත­රම් ආඩ­ම්බ­ර­යක්ද. අද දරු­වන් පෙන්වූ හැකි­යාව දක්ෂ­තා­වය මනු­ෂ්‍ය­යෙක්ගේ ජීවි­ත­යට සරල බවක් ඇති­කළ හැකි ඒ දායා­දය පාස­ලෙන් පෙන්නුම් කර­නවා. මේ පාසල කෙරෙහි මවු­පි­යන් තබා තිබෙන විශ්වා­සය පාසල ශක්ති­මත් කිරීම සඳහා අඛණ්ඩ දායා­ද­යක් වෙලා තිබෙ­නවා.

ධර්ම­පා­ල­තු­මාගේ කාලේ මේ පැත්තේ පොල් අතු මඩු­වල පාසල් පැව­තුණා. මවු­පියෝ ගුරු­වරු හැටි­යට ඇවිල්ලා ඒ වගේ උග­න්නලා අපේ දරු­වන්ට දියු­ණු­වට ගමන් කළ හැකි දැනුම එකතු කළා. ඒ යුග­යෙන් පස්සේ ඒ වගේ පාසල් ලංකාවේ දහස් ගණන් රාජ්‍ය පාසල් බවට පරි­ව­ර්ත­නය වුණා. එයින් ඉගෙන ගත් පිරිස අපේ රටේ විවිධ ක්ෂේත්‍ර­වල සහ විශ්ව­වි­ද්‍යාල හරහා රටට සේවය කරන්න පුළු­වන් වුණා.

අපි අභි­යෝ­ගා­ත්මක අනා­ග­ත­යට යන්නේ. ඒ දරු­වන් මුහුණ දෙන අනා­ග­ත­යයි. දරු­වන්ට ඒ අනා­ග­ත­යට ගමන් කර­න්නට පාසල් කාම­රය තුළ විශ්වා­ස­යෙන් යුතුව හා සතු­ටින් ඉගෙ­නීමේ පරි­ස­රය අපි ඇති කළ යුතුයි. ඒ විශ්වා­සය සතුට හා පූර්ණ දායා­දය මත තමයි දරු­වන් තව­දු­ර­ටත් වර්ධ­නය වෙන්නේ. ලංකාවෙ පාස­ල්වල ඉගෙන ගන්න සියලු දරුවෝ ටියු­ෂන් යන්නේ නැහැ. ඒ නිසා මේ ටියු­ෂන් මඟින් පම­ණයි උග­න්වන්නේ කියන කතාව පිළි­ගන්න බැහැ.

හත­ළිස් ලක්ෂ­යක් දරු­ව­න්ගෙන් විභා­ග­යට ඉදි­රි­පත් වෙන දරුවෝ කීදෙ­නෙක් ටියු­ෂන් ගිහින්ද කියලා හිතන කොට සංඛ්‍යා­ත්ම­කව එය සම්පූර්ණ නැහැ. දියුණු වන ලෝක­යක අපේ රටත් දියුණු වෙන්නට ඕනෑ. දියු­ණු­වට මුහුණ දෙන පර­ම්ප­රා­වක් බිහි කර­න්නට ඕනෑ. ඒ පර­ම්ප­රාව දිනන ජය­ග්‍රාහී පර­ම්ප­රා­වක් කිරී­මට තමයි මේ පාසල් එකි­නෙක ගොඩ­නැ­ඟෙන්නේ. අලුත් දේ නිෂ්පා­ද­නය කර­න්නට, අලුත් දේට යොමු­වන පර­ම්ප­රා­වක් පාසල් ජීවි­තය තුළම ඇති කර­ගැ­නීමේ ඕනෑ­කම ට අපි කැප­වෙමු. අනිත් හැම දරු­ව­කු­ටම පාසල් ජීවි­ත­යෙන් පසු අති­රේක නව තාක්ෂ­ණික දැනුම තැන්පත් කිරීමේ වැඩ පිළි­වෙ­ළක් රට පුරාම දියත් කිරී­මට ආණ්ඩුව තීර­ණය කරලා ජනා­ධි­ප­ති­තුමා ප්‍රකා­ශ­යට පත් කරලා තිබෙ­නවා. සෑම පාස­ල­කින්ම පිට­වෙන දරු­වෙක්ට ඒ අනා­ගත විශ්වා­සය ලබා­දීම සඳහා ආණ්ඩුව ප්‍රති­පා­දන හා ප්‍රති­ප­ත්ති­මය ආය­තන බිහි කරලා ආරම්භ කරලා තියෙ­නවා.

බස්නා­හිර පළාත් ආණ්ඩු­කාර රොෂාන් ගුණ­ති­ලක මහතා –

නග­ර­යෙන් පිට මෙවැනි පාස­ල්ව­ලට උදව් කිරීම ඉතා වැද­ගත්. මේ පාස­ලෙන් විශ්ව­වි­ද්‍යා­ල­යට ළමයි තේරීම ඒකට හොඳම උදා­හ­ර­ණ­යක්. පළාත් සභාවේ මුදල් නිසි විදි­හට භාවිත කර මෙවැනි කර්ත­ව්‍ය­යන් සිදු­වීම ගැන මම සතුටු වෙනවා. ළමයි එක්ද­හ­ස්හ­ත්සිය ගණ­නක් සිටින පාස­ලක ළම­යින්ට විශ්ව­වි­ද්‍යා­ලය දක්වා පිවි­සී­මට සහාය වීම අපේ යුතු­ක­මක්. පාස­ල්වල අඩු­පාඩු සොයා බලලා ඒවා සම්පූර්ණ කිරීම අපේ වග­කී­මක්. මේ ක්‍රීඩා­ගා­රය වායු සමී­ක­ර­ණය කරන්න අපි පිය­වර ගන්නවා. මේ පළාතේ තිබෙන පාසල් සම්බ­න්ධ­යෙන් මෙන්ම අනෙ­කුත් ගැටලු සම්බ­න්ධ­යෙන් ද අග­මැති ඒ සම්බ­න්ධ­යෙන් අපව නිතර දැනු­ම්වත් කර­නවා.

රාජ්‍ය පරි­පා­ලන අමා­ත්‍යාංශ ලේකම් ප්‍රදීප් යස­රත්න, බස්නා­හිර පළාත් අධ්‍යා­පන අමා­ත්‍යාංශ ලේකම් ඒ.ඩී.එස්. සදීකා මහත්ම මහ­ත්මීන්, ගුරු­ව­රුන්, මවු­පි­යන්, දරු­වන් ඇතුළු ප්‍රදේ­ශ­වා­සීන් මෙම අව­ස්ථා­වට සහ­භාගී වූහ.