ගංවතුරින් අවතැන්ව සිටි අය ගෙන්වා අහාරපාන ලබා දුන් අයගේම මැණික් අවතැන්වුවන් සොරකම් කරයි

රත්නපුර, මුද්දුව ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවසේ තිබී රුපියල් කෝටි දෙකහමාරකට අධික මැණික් සොරකම් කළ බවට සැක එකම පවුලේ තිදෙනෙකු රත්නපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සොරකම සිදු කරන ආකාරය නිවසේ සවි කර තිබු cctv කැමරාවක සටහන් ව තිබුණි.

එකම පවුලේ මව පියා සහ වයස අවුරුදු 12 ක් වන පිරිමි දරුවා එක්ව මෙම සොරකම සිදුකර ඇති අතර ගංවතුරෙන් අවතැන් ව සිටි එම පවුල තම නිවසට ගෙන්වා අහාරපාන ලබා දී ඇත්තේ ද අදාළ ව්‍යාපාරිකයා විසිනි.