Starlink අනුමැතියට එලෝන් මස්ක් ජනපතිට ප්‍රතිචාර දක්වයි

Starlink ව්‍යාපෘතිය පිළිබඳව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිය X ගිණුමෙහි සටහන් තබා තිබේ.

එහිදී ඔහු සඳහන් කර සිටින්නේ මේ හරහා විප්ලවීය වෙනසක් ඇති කළ හැකි අතර විශේෂයෙන් මෙරට තරුණ තරුණියන්ට නව රැකියා අවස්ථා උදාවන බවයි.

එමෙන්ම වේගවත් සහ වඩාත් විශ්වාසදායක අන්තර්ජාලය සමඟින්, මෙරට තරුණ තරුණියන්ට ගෝලීය අධ්‍යාපන සම්පත් වෙත ප්‍රවේශ වීමට හැකියාව ලැබෙන බව ජනාධිපතිවරයා පවසයි.

Starlink ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලාංකිකයන්ට, විශේෂයෙන්ම විශ්වාසනීය, අධිවේගී අන්තර්ජාලය සමඟ සම්බන්ධව සිටීමට අරගල කරන අයට පරිවර්තනයක් වනු ඇති බව එම සටහනේ දැක්වේ.

එමෙන්ම මෙම ප්‍රගතිය රට පුරා සම්බන්ධතාවය සැලකිය යුතු ලෙස වැඩිදියුණු කරනු ඇති බවත්, එය ඩිජිටල් ආර්ථිකයට ඇතුළත් කිරීම සහ දුරස්ථ ප්‍රදේශවල සහ ස්වාභාවික විපත්වලදී සන්නිවේදනය පවත්වා ගැනීම සඳහා තීරණාත්මක විය හැකි බවත් එම සටහනේ සඳහන් වේ.

රනිල් වික්‍රමසිංහ ජනපතිවරයා තැබූ මෙම සටහනට එලෝන් මස්ක් ප්‍රතිචාර දක්වමින් එය අගය කර තිබේ.