ශ්‍රී ලංකාවේ ණය ප්‍රති­ව්‍යූ­හ­ග­ත­ක­රණ ක්‍රියා­ව­ලිය ප්‍රශංසනීයයි – IMF අධ්‍ය­ක්ෂිකා

ශ්‍රී ලංකාවේ ණය ප්‍රති­ව්‍යූ­හ­ග­ත­ක­රණ ක්‍රියා­ව­ලිය මේ වන විට ප්‍රමා­ණ­වත් තරම් ශක්ති­මත් ප්‍රග­ති­යක් ලබා ඇති බව ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල අව­ධා­ර­ණය කරයි. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ මේ වන විට ක්‍රියා­ත්මක සාර්ව ආර්ථික ප්‍රති­පත්ති ප්‍රති­සං­ස්ක­රණ පල දැරී­මට පටන් ගෙන ඇති බව පෙනෙන්න ඇති බවත්, එහිදී ශීඝ්‍ර ආර්ථික වර්ධ­නය, ශක්ති­මත් ලෙස සංචිත ගොඩ­නැ­ඟීම සහ මූල්‍ය පද්ධ­තියේ ස්ථායි­තාව රැක­ග­නි­මින් අත්පත් කර­ගෙන ඇති ප්‍රති­ඵල ප්‍රශං­ස­නීය බවත් ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ සන්නි­වේ­දන දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍ය­ක්ෂිකා ජූලි කොසැක් මහ­ත්මිය පව­සයි. ඇය මේ බව ප්‍රකාශ කර ඇත්තේ විශේෂ මාධ්‍ය හමු­ව­ක­දීය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දක්ව­මින්, බාහිර වාණිජ ණය හිමි­යන් සමඟ ගිවි­සුම් කඩි­න­මින් එළ­ඹෙනු ඇතැයි අපේ­ක්ෂා­ව­කින් පසු වන බව සඳ­හන් කර ඇති ඒ මහ­ත්මිය ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ විධා­යක මණ්ඩ­ලය ලබන 12 දා රැස්වී­මට නිය­මිත අතර එහිදී දෙවැනි සමා­ලෝ­ච­නය සම්බ­න්ධ­යෙන් තීර­ණ­යක් ගැනී­මට නිය­මිත බවද පවසා තිබේ. “මේ වන විට බල­ධා­රීන් විසින් නිල ණය හිමි­යන්ගේ කමි­ටුව සමඟ අව­බෝ­ධතා ගිවි­සු­මක් සම්බ­න්ධ­යෙන් සහ චීන එක්සිම් බැංකුව සමඟ අව­සන් එක­ඟ­තා­වක් ඇති කර­ගැ­නීම සම්බ­න්ධ­යෙන් පුළුල් මට්ටමේ සාක­ච්ඡා­ව­ලට අව­තීර්ණ වීම තිබීම ඉතා වැද­ගත්. ප්‍රති­ප­ත්ති­මය වශ­යෙන් ඉතා ඉක්ම­නින් ගිවි­සු­ම්ව­ලට එළ­ඹීමේ අර­මු­ණින් බාහිර බැඳු­ම්කර හිමි­යන් සමඟ සාකච්ඡා දිග­ටම මේ වන විට පැවැ­ත්වෙ­නවා. චීන සංව­ර්ධන බැංකුව සමඟ පැවැ­ත්වෙන සාකච්ඡා ඉදිරි අදි­ය­ර­කට මේ වන විට පැමිණ තිබෙ­නවා.

වැඩ­ස­ට­හන් පරා­මි­තීන්ට අනු­කූ­ලව බාහිර වාණිජ ණය හිමි­යන් සමඟ ගිවි­සුම් ඉක්ම­නින් එළ­ඹෙනු ඇතැයි දැඩි අපේ­ක්ෂා­වක් තිබෙ­නවා. මේ වාතා­ව­ර­ණය තුළ සම­ස්ත­යක් වශ­යෙන් ණය ප්‍රති­ව්‍යූ­හ­ග­ත­ක­රණ ක්‍රියා­ව­ලිය ප්‍රමා­ණ­වත් තරම් ශක්ති­මත් ප්‍රග­ති­යක් අත්පත් කර­ගෙන ඇති බවට අපට තක්සේරු කරන්න පුළු­වන්,” ඇය මෙහිදී වැඩි­දු­ර­ටත් සඳ­හන් කර ඇත. ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සහ ශ්‍රී ලංකා බල­ධා­රීන් ශ්‍රී ලංකාවේ විස්තී­රණ අර­මු­දල් පහ­සු­කම පිළි­බඳ දෙවැනි සමා­ලෝ­ච­නය පිළි­බඳ කාර්ය මණ්ඩල මට්ටමේ එක­ඟ­තා­ව­කට පැමිණි අතර, ජාත්‍ය­න්තර ණය දෙන නියෝ­ජි­තා­ය­ත­නය ආර්ථික ප්‍රති­සං­ස්ක­රණ වැඩ­ස­ට­හනේ දෙවැනි සමා­ලෝ­ච­නය අව­සන් කිරීම සඳහා ආර්ථික ප්‍රති­පත්ති පිළි­බඳ IMF IV වග­න්තිය 2024 අව­සන් කර තිබේ.

ශ්‍රී ලංකාවේ දෙවැනි සමා­ලෝ­ච­නය සහ IV වැනි වග­න්තිය පිළි­බඳ උප­දේ­ශ­නය පිළි­බඳ සාකච්ඡා කිරී­මට 12 දා IMF විධා­යක මණ්ඩ­ලය රැස් වන අතර, ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ප්‍රති­පත්ති ප්‍රති­සං­ස්ක­ර­ණය පල දැරී­මට පටන් ගෙන ඇත. ණය ප්‍රති­ව්‍යූ­හ­ගත කිරීමේ මීළඟ පිය­වර බාහිර වාණිජ ණය හිමි­යන් සමඟ සාකච්ඡා අව­සන් කිරීම සහ නිල ණය­හි­මි­යන් සමඟ ප්‍රති­ප­ත්ති­මය වශ­යෙන් ගිවි­සුම් ක්‍රියා­ත්මක කිරීම වන අතර, දේශීය ණය ප්‍රති­ව්‍යූ­හ­ගත කිරීම බොහෝ දුරට සම්පූර්ණ කර තිබේ. ඊට අම­ත­රව ණය ප්‍රති­ව්‍යූ­හ­ගත කිරීමේ සාකච්ඡා අඛ­ණ්ඩව සිදු වෙමින් පව­තින බවද ඇය පවසා ඇත.