ලංකාවේ ගුවන් භටයෝ සාමසාධක රාජකාරීයේ නිරතව දියත් කළ හදිසි මුදවාගැනීමේ මෙහෙයුම

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාමසාධක හමුදා රාජකාරියට අනියුක්ත ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝනය හදිසි මුදවාගැනීමේ මෙහෙයුමක් දියත් කරයි.

පසුගියදා මධ්‍යම අප්‍රිකානු ජනරජයේ රෆායි ප්‍රදේශයේ වාහන අනතුරකට ලක්වූ එක්සත් ජාතීන්ගේ සාමාජිකයින් පිරිසක් සුරක්ෂිතව ඉතා කඩිනමින් ගුවනින් රෝහල වෙත ගෙන ඒමට එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා රාජකාරියට අනුයුක්ත ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝනය විසින් සිදුකරන ලදී .

මෙම මුදවා ගැනීමේ මෙහෙයුම සදහා එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා රාජකාරියට අනියුක්ත කර ඇති ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Mi-17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් යොදා‍ගෙන තිබුණි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝනය විසින් මීට පෙර අවස්ථාවන් වලදී ද මෙවැනි මෙහෙයුම් සදහා සෘජු දායකත්වය ලබා දී ඇත.

මෙම හදිසි අවස්ථාව් දි ශ්‍රි ලංකා ගුවන් හමුදා ගුවන් නියමුවන් ක්ෂණිකව ක්‍රියාත්මක වී අනතුරට පත් පිරිසගේ ඡිවිත සුරක්ෂිත කිරිම සදහා ක්‍රියාකිරිම පිළිබද එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා කාර්යාලය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ ක්‍රියා කලාපය පැසසුමට ද ලක්කරන ලදි.