හෙලිකොප්ටර අනතුරෙන් ඉරාන ජනාධිපති සහ විදේශ ඇමති මරුට

හෙලිකොප්ටර අනතුරෙන් ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මියගොස් ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය උපුටා දක්වමින් BBC පුවත් සේවය වාර්තා කරනවා.

එමෙන්ම එම හෙලිකොප්ටර් යානයේ ගමන්ගත් එරට විදේශ අමාත්‍යවරයාද මියගොස් ඇති බවයි සඳහන් වන්නේ.

ඉරාන ජනාධිපති රයිසි ඇතුළු එරට ඉහළ නිලධාරීන් පිරිසක් ඉරාන – අසර්බයිජාන දේශ සීමාවේ වේල්ලක් විවෘත කිරීමට එක්ව ඇති අතර, එම උත්සවයෙන් පසු ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පිරිස රැගත් හෙලිකොප්ටර් යානය යළි පැමිණෙමින් තිබියදී ඔවුන් එම අනතුරට මුහුණ දී තිබුණා.