බන්ධනාගාර නිලධාරීන් අද සිට වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක

බන්ධනාගාර නිලධාරීන් අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියා මාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බන්ධනාගාර නිලධාරීන්ගේ එකමුතුව පවසනවා.

රුපියල් 25,000ක වැටුප් වැඩිවීමක් ඉල්ලමින් බන්ධනාගාර නිලධාරීන් අදාළ වෘත්තීය ක්‍රියා මාර්ගයේ නිරත වන බව සඳහන්.

ඒ අනුව අද සිට ලබන 22 වනදා දක්වා එම වෘත්තීය ක්‍රියා මාර්ගයේ නිරත වන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.