ඉරාන ජනපතිගේ හෙලිකොප්ටරය අනතුරට ලක්වූ ප්‍රදේශයෙන් සුන්බුන් බවට සැක කෙරෙන උණුසුම් ප්‍රභවයක් හඳුනා ගැනෙයි

ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි, එරට විදේශ අමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් ගමන් කරමින් සිටියදී අනතුරට ලක්වූ හෙලිකොප්ටර් යානය සොයා එරට ආරක්ෂක අංශ තවදුරටත් මෙහෙයුම් සිදුකරමින් පවතිනවා.

ජනාධිපති රයිසිගේ හෙලිකොප්ටරය සෙවීමට සහාය වීම සඳහා තුර්කිය විසින් එවන ලද ඩ්‍රෝන යානයක් විසින් යම් උණුසුම් ප්‍රභවයක් හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව යානයක සුන්බුන් බවට සැක කෙරෙන උණුසුම් ප්‍රභවයක් හඳුනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඉරාන ජනාධිපති රයිසි ඇතුළු එරට ඉහළ නිලධාරීන් පිරිසක් ඉරාන – අසර්බයිජාන දේශ සීමාවේ වේල්ලක් විවෘත කිරීමට එක්ව ඇති අතර, එම උත්සවයෙන් පසු ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පිරිස රැගත් හෙලිකොප්ටර් යානය යළි පැමිණෙමින් තිබියදී ඔවුන් එම අනතුරට මුහුණ දී තිබුණා.