මෛත්‍රීට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එරෙහිව අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු විධායක සභිකයෙකු වන මොන්ටේගු සරච්චන්ද්‍ර විසින් අල්ලස් කොමිසමට ලිපියක් යොමු කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විකුණා ලබාගත් අත්තිකාරමකින් පාස්කු වින්දිතයන්ගේ වන්දිය ගෙවා ඇති බවක් පෙනෙන්නට අති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එබැවින් අදාළ මුදල් උපයා ගත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලා මෙම පැමිණිල්ල මඟින් මොන්ටේගු සරච්චන්ද්‍ර ඉල්ලා තිබෙනවා.

අදාළ පැමිණිල්ල ඇතුළත් ලිපිය පහතින්.

news images
news images