ඇල්ල වැල්ලවාය මාර්ගය ගමනාගමනයට විවෘත කරයි

පැවැති අයහපත් කාලගුණික තත්ත්වය නිසා (16) දින පස්වරු හයට තාවකාලිකව වසා දමන ලද ඇල්ල වැල්ලවාය මාර්ගය ගමනාගමන කටයුතු සදහා (17) දින පෙරවරු නැවත විවෘත කල බව බදුල්ල ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව නායයෑම් සක්‍රීය ව ඇති කරඳගොල්ල මලිත්තගොල්ල හි යොදවා ඇති  පොලිස් මාර්ග බාධකය අසලදී පොලිසියේ පූර්ණ අධීක්ෂණය යටතේ හා ගමනා ගමනයේ යෙදෙන මගීන්ගේ විශේෂ අවධානය සහිතව ගමනා ගමන කටයුතු සිදුකරන ලෙස ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එල්.එම් උදයකුමාර එම මාර්ගය භාවිතා කරන්නන්ගෙන් ඉල්ලා සිටියි.

එම ප්‍රදේශයට ඇතිවන වර්ෂාපතන තත්වය අනුව ඕනෑම අවස්ථාවකදි  නැවතත් මෙම මාර්ගය වසා දැමීමට සිදුවනු ඇති බවද සහකාර අධ්‍යක්ෂ උදයකුමාර තවදුරටත් සදහන් කළේය