අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 15කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙයි.

යුක්තිය මෙහෙයුමට සමගාමීව ගෝනහේන කදවුරේ නිලධාරින් පිරිසක් වැලිකඩ කලපලුවාව ප්‍රදේශයේ කළ වැටලීමකදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලයා සතුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 104 මිලිග්‍රෑම් 100ක් සොයා ගෙන තිබෙයි.

ඔහු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් අනූතුනදහසක මුදලක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය සොයා ගෙන තිබෙයි.

සැකකරු වයස අවුරුදු 44ක් වන රාජගිරිය ප්‍ර දේශයේ පදිංචිකරුවෙක් බව අනාවරණය වී තිබෙයි.