O/L විභාගයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව පාසල් අයැදුම්කරුවන්ට විදුහල්පතිවරුන් මාර්ගයෙන් විභාග ප්‍රවේශ පත්‍ර ලබාගත හැකි අතර, පෞද්ගලික අයැදුම්කරුවන්ට තැපැල් මගින් විභාග ප්‍රවේශපත් යොමු කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

සාමාන්‍ය පෙළ විභාගය ලබන 6 වැනි දා සිට 15 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.