GT vs DC : Delhi Capitals කණ්ඩායමට කඩුලු 6 ක ජයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 32 වැනි තරගය ඊයේ Gujarat Titans කණ්ඩායම සහ Delhi Capitals කණ්ඩායම අතර අහ්මදාබාද්හි දී පැවැත්වුණා.

එහිදී Gujarat පිළ ලකුණු 89 කට දැවී ගිය අතර Delhi පි​ළ කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට සමත් වුණා.

කාසියේ වාසිය දිනූ Delhi Capitals කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් Gujarat Titans කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 89 කට දැවී ගියේ පන්දුවාර 17.3 ක් තුළදීයි.

එහිදී Rashid Khan ලකුණු 31 ක් රැස් කිරීමට සමත්වූ අතර Delhi පිළ වෙනුවෙන් Mukesh Kumar කඩුළු 3 ක් බිඳහෙලුවා. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Delhi Capitals කණ්ඩායම පන්දුවාර 8.5 ක් පමණක් වැය කරමින් කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

තරගයේ ලකුණු පුවරුව පහතින්,

news images
news images
news images
news images