ශ්‍රී ලංකා තැපෑල නමින් එවන SMS පණිවුඩ ව්‍යාජයි – තැපැල්පති

දේශීය හෝ විදේශීය පාර්සල් ලැබීමක් දන්වා ශ්‍රී ලංකා තැපෑල කිසිදු SMS පණිවුඩයක් ගනුදෙනුකරුවන් වෙත යැවීමක් සිදු නොකරන බව තැපැල්පති රුවන් සත්කුමාර පවසනවා.

වංචනිකව සකස් කළ වෙබ් අඩවියක් මඟින් ව්‍යාජ ජංගම දුරකථන අංක යොදා ගනිමින් මහජනතාව රවටමින් වංචාවක් සිදුකරන බවයි ඔහු සඳහන් කළේ.

ශ්‍රී ලංකා තැපෑල, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව, SL POST, Sri Lanka Post  ආදී නම් යොදා ගනිමින් මෙම ව්‍යාජ වෙබ් අඩවි ක්‍රියාත්මක බවත් තම Credit හෝ Debit කාඩ්පත් දත්ත එවැනි වෙබ් අඩවියකට හෝ SMS පණිවුඩ වෙත ලබාදීම සිදු නොකරන ලෙසයි තැපැල් දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.