ජාතික ජන බලවේගය කාදිනල් හිමිපාණන් හමුවෙයි

2019 වර්ෂයේ සිදුවූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම සඳහා වන ජාතික ජන බලවේගයේ ප්‍රතිඥාව අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ට අද (18) පිළිගන්වා තිබෙනවා.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් අහිමි වූ ජීවිතවලට, එම ප්‍රහාරය මගින් අසරණ වූ පවුල්වල සාමාජිකයන්ට සාධාරණය ඉටු කිරීම වෙනුවෙන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවටත්, එම ප්‍රහාරයට ඍජු හෝ වක්‍ර ලෙස සම්බන්ධවූ පුද්ගලයන්ට එරෙහිව නිසි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවටත් අවධාරණය කරන ප්‍රධාන කරුණු 07ක් එම ලියවිල්ලට ඇතුළත් බවයි සඳහන් වෙන්නේ.

මෙම හමුවට ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, නීතිඥ සුනිල් වටගල, ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය රොහාන් ප්‍රනාන්දු, අරුණ ශාන්ත නෝනිස් යන අය සහභාගි වී තිබෙනවා.

news images
news images
news images

අදාළ ප්‍රතිඥාව පහතින්.

news images
news images