චමරිට ජනපති රනිල්ගෙන් දුරකථන ඇමතුමක්

දකුණු අප්‍රිකාවේ පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියකින් නොදැවී ලකුණු 195ක් ලබා ගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට ජනාධිපති රනිල් වික්‍රමසිංහ දුරකථන ඇමතුමක් දී සුබ පැතුම් පළ කර තිබේ.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ චමරි අතපත්තුට මෙන්ම සමස්ත ශ්‍රී ලාංකික කාන්තා ක්‍රිකට් කණ්ඩායමටම තම උණුසුම් සුබපැතුම් පළ කරන බවයි.

තවදුරටත් ලංකාව ලෝකය හමුවේ බැබළවීමට ධෛර්යය ප්‍රාර්ථනා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.