අද උණුසුම් කාලගුණයක් පවතින ප්‍රදේශ ගැන දැනුම්දීමක්

උතුර, උතුරු මැද, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, දකුණ සහ වයඹ පළාත්වල උණුසුම අද (18) දිනයේ අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතම් ස්ථානවල උණුසුම ද අද අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම තත්ත්වයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර අනුගමනය කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අදාළ නිවේදනය පහතින්. 

news images
news images