IMF කළමනාකාර අධ්‍යක්ෂක ධූරය යළිත් ක්‍රිස්ටලිනාට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකාව ලෙස දෙවන වතාවටත් ක්‍රිස්ටලිනා ජෝර්ජිවා තෝරාපත් කරගෙන තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ ඒකමතික තිරණයකට අනුව ඇයව පස් අවුරුදු ධුර කාලයක් සඳහා මෙලෙස තෝරා පත්කර ගෙන ඇත.

ඒ අනුව ක්‍රිස්ටලිනා ජෝර්ජිඒවාට ලබන ඔක්තෝම්බර් 1 වැනිදා සිට තවත් අවුරුදු 05ක් එම ධූරය හිමි වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙන්නේ අදාළ තනතුර සඳහා එකම අපේක්ෂකයා ඇය වූ බවත් මෙම පත්වීම සිදු කිරීමට පෙර ඇයත් සමග සාකච්ඡා වට කිහිපයක්ම පැවත්වු බවයි.

බල්ගේරියානු ජාතිකකු වන ජෝර්ජීඒවා 2019 වසරේ ඔක්තෝබර් 1 දින සිට ජාත්‍යන්තර අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරනු ලබයි.