ශ්‍රී ලංකා රුපියලට ලෝකයෙන් ඉහළම තැනක්

2024 වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රුපියල ලෝකයේ නැගී එන වෙළෙඳපොළ අතුරින් ඉහළම කාර්ය සාධනය පෙන්වූ මුදල් ඒකකය බවට පත්වී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ, බ්ලූම්බර්ග් වෙළෙඳපොළ දත්ත මගි​න් ඒ බ​ව පෙන්වාදී ඇති බවයි.

එය වසර ආරම්භයේදී පැවති අගයට සාපේක්ෂව 7%කට වඩා වැඩි කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති බවද බ්ලූම්බර්ග් (Bloomberg) වෙළඳපොළ දත්ත පෙන්වාදී ඇත.