මාර්තු මාසයේ සංචාරකයින් 209,181 ක් දිවයිනට පැමිණෙයි

2024 මාර්තු මාස‌ය තුළ දී විදෙස් සංචාරකයින් 209,181ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

2024 මාර්තු මාසයේ පැමිණ ඇති මෙම සංචාරකයින් සංඛ්‍යාවත් සමඟම මෙම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව 635,784 ක් ලෙසයි වාර්තා වෙන්නේ.

වැඩිම සංචාරකයින් පැමිණි රටවල් අතර ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, චීනය, ප්‍රංශය හා ඔස්ට්‍රේලියාව සිටිනවා.

අදාළ වාර්තාව පහතින්.

news images
news images