නියෝජ්‍ය හා සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අද කොළඹට

නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අද (03) කොළඹට කැඳවා තිබෙනවා.

ඒ අනුව තෙදින වැඩමුළුවක් සඳහා ඔවුන් කොළඹට කැඳවූ බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේ.

එළැඹෙන මැතිවරණයේදී මැතිවරණ වියදම් නියාමන පනත ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දැනුවත් කිරීම එහි අරමුණ වන අතර, මේ සඳහා මැතිවරණ වියදම් නියාමනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර අත්දැකීම් ඇති විශේෂඥයෙකුගේ ද සහය ලබා ගැනීමට නියමිතයි.