අනුර කුමාර දිසානායක සමඟ විවාදයට සජිත් ප්‍රේමදාස සූදානම් – නලීන් බණ්ඩාර

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සමග විවාදයට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසනවා.

ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය හා සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව අතර විවාදයකට පැමිණෙන ලෙස නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා කළ අභියෝගයට ප්‍රති අභියෝග කරමින්, අනුර කුමාර දිසානායක සමඟ සජිත් ප්‍රේමදාසට විවාදයකට පැමිණෙන ලෙස (02) සුනිල් හඳුන්නෙත්ති ආරාධනාවක් සිදු කළා.

එම ප්‍රති අභියෝගයට පිළිතුරු ලබාදෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර සඳහන් කළේ, අභියෝගයට ප්‍රති අභියෝගයක් එල්ල කිරීම එම අභියෝගය හමුවේ පළායාමක් ලෙස දකින බවත්, නමුත් ජනාධිපතිවරණයට පෙර අනුර කුමාර දිසානායකට අභියෝග කිරීමට සජිත් ප්‍රේමදාස සූදානම් බවයි.