SL vs BAN 2nd Test : ශ්‍රී ලංකාව ලකුණු 510 ක් ඉදිරියෙන් සිටිමින් ඉනිම අත්හිටුවයි

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන හා අවසාන ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි.

ඒ අනුව සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 157 ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 56 ක්, නිෂාන් මදුෂංක ලකුණු 34 ක් හා ප්‍රභාත් ජයසූරිය ලකුණු 28 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Hasan Mahmud කඩුලු 4 ක් හා Khaled Ahmed කඩුලු 2 ක් දවා ගත්තා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා බංග්ලාදේශ කණ්ඩායමට හිමිව ඇති ඉලක්කය ලකුණු 511 ක්.

ලකුණු පුවරුව පහතින්. 

news images
news images