පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදීමට කැබිනට් අනුමැතිය

පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ලංකාවේ සමස්ත ශිෂ්‍ය ජනගහනය මිලියන 4ක් පමණ වන අතර වැඩිවියට පත් ශිෂ්‍යාවන් මිලියන 1.2 ක් පමණ සිටින බව ගණනය කර ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

එම ශිෂ්‍යාවන් අතුරින් අති දුෂ්කර පාසල්, දුෂ්කර පාසල්, හුදෙකලා පාසල්, වතු පාසල් හා දරිද්‍රතා සිසු සිදුවියන් සහිත නාගරික පාසල්වල ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් 800,000කට 2024 වර්ෂයේ අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි වාර්ෂිකව සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මෙම අනුමැතිය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්. 

news images