කථිකයන් නොමැතිවීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු කල් තැබේ

බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී අදහස් දැක්වීමට නම් කෙරුණු ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභා ගර්භයේ නොසිටීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු අද සවස 4.00 දක්වා කල් තබා තිබෙනවා.

ඒ අනුව විවාදයේදී අදහස් දැක්වීමට නියෝජ්‍ය කතානායකවරයා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පහළොස් දෙනෙකුගේද, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හය දෙනකුගේද නම් සඳහන් කළ ද එම කිසිඳු මන්ත්‍රීවරයෙක් සභා ගර්භයේ නොසිටි බවයි වාර්තා වෙන්නේ.

මේ හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු අද සවස 4.00 දක්වා කල් තැබීමට නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ තීරණය කළා.