ඇහැලේපොළ වලව්ව පූජා ඔප්පුවකින් දළදා මාලිගාවට පැවරීමට අනුමැති​ය

ඇහැලේපොළ වලව්ව ශ්‍රී දළදා මාලිගාව වෙත පවරා දීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබෙනවා.

2024-2-19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණයන් පරිදි ඇහැළේපොළ වලව්ව ශ්‍රී දළදා මාලිගාව වෙත පවරාදීම සම්බන්ධයෙන් අදාළ සියලු පාර්ශවයන් සමඟ සාකච්ඡා කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම්ට දැනුම් දී තිබූ බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව ඉදිරිපත් කර ඇති වාර්තාව මගින් ඇහැලේපොළ පවුල ප්‍රමුඛ කර ගනිමින් වසර සිය ගණනකට එපිට පැවති මහනුවර රාජධානිය ශ්‍රී විභූතිය හා එම පරිසරයේ පසුබිම නිරූපණය වන අයුරින් මෙම ගොඩනැගිල්ල තුළ ඉටි රූප කෞතුකාගාරයක් පිහිටුවීමටත්, එමඟින් එම ඉතිහාසය පිළිබඳ තොරතුරු වර්තමාන ජන සමාජය වෙත වඩාත් ආකර්ෂණීය අයුරින් ඉදිරිපත් කිරීමට සහ දේශීය හා විදේශීය සංචාරක ආකර්ෂණය ඇති කිරීමත් අරමුණු කරගනිමින් ශ්‍රී දළදා මාලිගාව විසින් ඇහැලේපොළ වලව්ව ආශ්‍රිත ව්‍යාපෘතියක් සකස් කර ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

එබැවින් අදාල ගොඩනැගිල්ල ශ්‍රී දළදා  මාලිගාව වෙත පවරාදීම සුදුසු බවට නිර්දේශ කර ඇති අතර, ඒ අනුව ඇහැලේපොළ වලව්ව හා ඊට අයත් භූමිය පූජා ඔප්පුවක් මගින්  දළදා මාලිගාව වෙත පවරාදීමට අනුමැතිය හිමිව තිබෙනවා.

අදාළ කැබිනට් තීරණය පහතින්. 

news images