ජනාධිපතිවරයා නියත වශයෙන්ම එළැඹෙන මැතිවරණයේදී පරාජයට පත්වෙනවා – වසන්ත යාපා බණ්ඩාර

පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හා මහ මැතිවරණය යන දෙකම ම​ගහැරීම සඳහා ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින බව වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරයා පවසනවා.

පළාත් පාලන මැතිවරණය හා පළාත් සභා මැතිවරණය මගහරින ලද ලද ආකාරයන්ම, පැවැත්වීමට නියමිත මැතිවරණ දෙකෙන්ද සැඟවීමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

වත්මන් ජනාධිපතිවරයා නියත වශයෙන්ම එළඹෙන මැතිවරණයෙන් පරාජයට පත්වන බවත්, මැතිවරණවලින් සැඟවීමට කටයුතු කරන්නේ කෙසේ දැයි ඔවුන් සිතමින් සිටින බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.