ජනාධිපති අපේක්ෂකත්වය භාරගැනීමේ ඉල්ලීමක් ඉදිරිපත් වූවහොත් ඊට සුදානම් – පාඨලී

වත්මන් අර්බුද වලට විසඳුම් ලබාදී රට ගොඩනැගිය හැකි දේශපාලන සන්ධානයක් බිහි කිරීමට මැදිහත් වන බව එක්සත් ජනරජ පෙරමු​ණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

ඒ සඳහා “දේශය වෙනුවෙන් එක්වන පියවරක්” වැඩපිළිවලක් ඉදිරිපත් කර ඇති බවත් ඊට සමගාමීව නව දේශපාලන සන්ධානයක් සඳහා වූ සාකච්ඡා ආරම්භ වී ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එහි අරමුණ මැතිවරණ ජයග්‍රහණය නොවන බවත් රට ගොඩ නැගීමේ නිශ්චිත වැඩපිළිවලක් වටා පමණක් ගොනුවිය යුතු බවද ඔහු පෙන්වා දෙනවා.

නිර්මාණය කෙරෙන සන්ධානය විසින් මැතිවරණය සඳහා ඉදිරිපත් විය යුතු නියෝජිතයන් නම් කළ යුතු බවත් ජනාධිපතිධූර අපේක්ෂකත්වය භාරගන්නා ලෙස තමාට ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත්, එම අභියෝගය භාර ගැනීමට සුදානම් බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.