ශ්රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය (24) අවසන් වුණා.
ඒ අනුව දිනය අවසන් වන විට සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදෙන බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 47 ක් ලබා සිටියා.
පන්දු යැවීමේදී ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශ්ව ප්රනාන්දු කඩුලු 3 ක් හා ළහිරු කුමාර හා කසුන් රාජිත එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.
මේ විට බංග්ලාදේශ කණ්ඩායම ශ්රී ලංකාවට වඩා ලකුණු 464 ක් පිටුපසින් සිටිනවා.
ලකුණු පුවරුව පහතින්.
![news images](https://helakuru.sgp1.cdn.digitaloceanspaces.com/esana/images/660011508fefb.jpeg)
![](https://www.colombo.media/wp-content/uploads/2024/03/3dcm.jpg)