හදිසියේ රෝගී වූ රියැදුරුගේ පාලනයෙන් ගිලිහුණු බස් රිය නිවෙසක ගරාජය ඇතුළේ

පුද්ගලික බස් රථයක රියැදුරුට ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ධාවනය කරමින් තිබූ බස් රථය පාලනය කරගැනීමට නොහැකිව මැදවච්චිය නගරයේදී නිවෙසක් සහිත ගරාජයකට කඩා වැදීමෙන් රිය අනතුරක් සිදුව ඇත.

(07) උදෑසන මේ බස් රථය වව්නියාව ප්‍රදේශයේ පිහිටි පුද්ගලික ඇඟලුම්හලකට සේවකයන් 40ක් පමණ රැගෙන යමින් සිටියදී රියැදුරු එක්වරම රෝගී තත්ත්වයට පත්වී ඇත. ඒ සමඟම රියැදුරුට බස් රථය පාලනය කරගැනීමට නොහැකිව පාරෙන් ඉවතට පැන නිවෙසක් සහිත ගරාජයක ගැටී තිබේ. එම අවස්ථාවේ ගරාජයේ හිමිකරු නිවෙසේ සිට නොමැති අතර, අනතුරින් ජීවිත හානි කිසිවක් සිදුව නොමැත. ඒ වන විටත් රියැදුරුට පියවි සිහිය නොතිබූ බව ප්‍රදේශවාසීහු කියති. අනතුරින් 13 දෙනකු තුවාල ලබා ඇති අතර, සුළු තුවාල ලැබූ 06 දෙනකු මැදවච්චිය රෝහලේ ප්‍රතිකාර ලබයි. බරපතළ තුවාල ලැබූ 07 දෙනකු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යැවීමට මැදවච්චිය රෝහල් බලධාරීහු කටයුතු කළහ.