බස්නාහිර පළාතේ පාසල් වාර විභාගය අත්හිටුවයි

බස්නාහිර පළාතේ රජයේ පාසල් වාර විභාගය අත්හිටුවීමට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත විෂයන් වන ගණිතය සහ ඉංග්‍රීසි  ප්‍රශ්න පත්‍ර දෙක ද පිටවී තිබීම හේතුවෙන් මෙලෙස එම විභාගය අත්හිටුවීමට තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ.

සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ බවයි පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.