කෘෂිකර්ම නවීකරණ වැඩසටහන සාර්ථක කර ගැනීමේ දී රාජ්‍ය හා පෞද්ගලික අංශ අතර සහයෝගීතාවයේ වැදගත්කම ජනපති අවධාරණය කරයි

කෘෂිකර්මාන්තය නවීකරණ කිරීමේ ප්‍රයත්නයන් සාර්ථක කර ගැනීම අරමුණු කරගත් පුළුල් ජාතික වැඩසටහනක් සකස් කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශ අතර සහයෝගයෙන් කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

අයවැය මඟින් ජාතික, පළාත් සහ ප්‍රාදේශීය මට්ටමින් වාර්ෂිකව  ප්‍රතිපාදන වෙන් කළද රාජ්‍ය හා පෞද්ගලික ආයතන වෙන් වෙන් වශයෙන් කටයුතු කිරීම හේතුවෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීම ප්‍රමාද වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙම  වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී මුහුණ දෙන අභියෝග ජයගැනීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික කෘෂි පර්යේෂණ ආයතන මෙන්ම විශ්වවිද්‍යාල පද්ධතියේද සහාය ලබා ගැනීමේ වැදගත්කම අවධාරණය කර තිබෙනවා.

රාජ්‍ය ප්‍රතිපත්තිවලට ගැළපෙන ලෙස බිම් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට හැකිවන පරිදි මෙම ජාතික වැඩසටහන සකස් කිරීමේ අවශ්‍යතාවද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වාදී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images