ඉන්දියාවේ බෝම්බ පිපිරීමකින් 09 දෙනෙකු මරුට

ඉන්දියාවේ බැංගලෝර්හි ආපනශාලාවක බෝම්බ පිපිරීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන් පුද්ගලයින් 9 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙන අතර තවත් 5 දෙනෙකු තුවාල ලබා ඇත.

එසේම පිපිරීම සිදුකළ තැනැත්තා බෝම්බය රැගෙන එන අයුරු දැක්වෙන CCTV දර්ශන ද මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් කර තිබෙයි.

මෙම තැනැත්තා සිය මුහුණ අර්ධ වශයෙන් සඟවාගෙන ගමන් කරන අතර, ඔහු හදුනාගැනීමට ඉන්දීය ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.