බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ එකම දිනයේදී ප්‍රහාර දෙකකින් කතෝලික-මුස්ලිම් බැතිමතුන් 27ක් මරුට

බටහිර අප්‍රිකානු රටක් වන බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ මුස්ලිම් දේවස්ථානයක සිදුවූ වෙඩි ප්‍රහාරයකින් ඉස්ලාම් බැතිමතුන් 12 දෙනකුට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ ප්‍රහාරය සිදු වී ඇත්තේ එදිනම කතෝලික දේවස්ථානයකට එල්ල වූ ප්‍රහාරයකින් ක්‍රිස්තියානි බැතිමතුන් 15 දෙනකු ජීවිතක්ෂයට පත්වී පැය කිහිපයකට පසුව බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ප්‍රහාරය එල්ල කර ඇත්තේ ඉස්ලාමීය කැරලිකාර කණ්ඩායමක් බවට පොලිසිය සැක කරන බවත්, ආයුධ සන්නද්ධ විශාල පිරිසක් යතුරුපැදිවලින් පැමිණ එම ප්‍රහාරය එල්ල කර ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. මුස්ලිම් දේවස්ථානයේ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි ද එරට මාධ්‍ය වාර්තා කර තිබේ.