2024 අයවැය යෝජනා සම්බන්ධව දැනුවත් කිරීමේ එකොළොස් වැනි සම්මන්ත්‍රණය – බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික්ක

ජනාධිපති ලේකම්තුමාගේ උපදෙස් පරිදි 2024 අයවැය යෝජනා සම්බන්ධව රාජ්‍ය නිලධාරීන්, වෘත්තීය සමිති නායකයින් සහ සිවිල් සංවිධාන දැනුවත් කිරීම සඳහා ජනාධිපති වෘත්තීය සමිති සබඳතා අංශය මගින් දිස්ත්‍රික් මට්ටමින් මෙහෙයවනු ලබන සම්මන්ත්‍රණ මාලාවේ එකොළොස් වැනි සම්මන්ත්‍රණය බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික්ක පදනම් කරගනිමින් 2024.02.29 වන දින පෙ.ව.10.00ට ඌව පළාත් සභා සංකීර්ණයේ ‘පර්සි සමරවීර සම්මන්ත්‍රණ ශාලාවේ’ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. ඒ සඳහා ඔබගේ පැමිණීම ගෞරවයෙන් අපේක්ෂා කරමි. – පුලස්ති වන්නිආරචිචි සිවිල් සංවිධාන කැදවුම්කරු.