යේමනයේ හවුති කැරලිකරුවන්ට සිවු වැනි වරටත් අමෙරිකා බ්‍රිතාන්‍ය ඒකාබද්ධ මිසයිල ප්‍රහාරයක්

අමෙරිකාව සහ බ්‍රිතාන්‍යය ඒකාබද්ධව යේමනයේ හවුති කැරලිකරුවන්ගේ ඉලක්ක 18කට සිව් වැනි වරටත් මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව පෙන්ටගනය නිවේදනය කර ඇතැයි වාර්තා වේ. යේමනයේ හවුති කැරලිකරුවන්ගේ ආයුධ ගබඩාවකට, ඩ්‍රෝන සහ ගුවන් ආරක්ෂක පද්ධතියකට, රේඩාර් පද්ධතියකට සහ හෙලිකොප්ටර් යානයකට එම ප්‍රහාර එල්ල කළ බව අමෙරිකාව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

රතු මුහුදේ අඛණ්ඩව සිදුවන හවුති ප්‍රහාර මැඬ පැවැත්වීමේ අරමුණ ඇතිව අමෙරිකාව සහ බ්‍රිතාන්‍යය ඒකාබද්ධව ඉදිරියේදී තවත් ප්‍රහාරමාලාවක් එල්ල කිරීමට සැලසුම් කර ඇතැයි ද, ඊට ප්‍රතිචාර ලෙස හවුති කැරැලිකරුවන් ද ඉදිරියේදි රතු මුහුදේ ගමන් ගන්නා නෞකා වෙත තවදුරටත් ප්‍රහාර එල්ල කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද අමෙරිකාව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.