පාසල් සිසුන්ට විකු­ණන්න හොර පාරෙන් ගෙන්වූ ලක්ෂ 30ක ඊ-සිග­රැට් පෑලි­ය­ගො­ඩදී මාට්ටු

මෙරට පාසල් සිසුන් ඉලක්ක කර නීති­වි­රෝධි අන්ද­මින් ගෙන්වන ලද ඉලෙ­ක්ට්‍රො­නික සිග­රැට් තොග­යක් පෑලි­ය­ගො­ඩදී පෙරේදා (22) අත්අ­ඩං­ගු­වට ගැනී­මට ජාඇළ සුරා­බදු ඒක­කය සමත් වී ඇත.

ඔන්ල­යින් ක්‍රම­යට නීති­වි­රෝධි ලෙස ගෙන්වා ඇති රුපි­යල් ලක්ෂ 30ක් වටිනා මේ ඉලෙ­ක්ට්‍රො­නික සිග­රැට් තොග­යෙන් රුපි­යල් කෝටි 10ක බදු ආදා­ය­මක් රජ­යට අහිමි වී ඇති බව ජාඇළ සුරා­බදු ඒක­කය පව­සයි. මේ ජාවා­රම සිදු කළ පාණ­දුරේ පදිංචි 25 හැවි­රිදි තරු­ණ­ය­කුද අත්අ­ඩං­ගු­වට ගෙන ඇති අතර, ඔහු වත්තල මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව තිබේ.

මේ ඉලෙ­ක්ට්‍රො­නික සිග­රැට් සාමාන‍්‍ය දුම්වැ­ටි­ව­ලට වඩා දරුණු ඇබ්බැ­හි­කා­ර­ක­යක් බවත්, එබ­න්දක් භාවිත කළ බව පවා සොයා­ගත නොහැකි බවත් කී සුරා­බදු ඒක­කය ඒක­කයේ නිල­ධා­රීහු ඉන් ඇපල්, දොඩම්, ස්ට්‍රෝබෙරි ආදි විවිධ සුවඳ නිකුත් වන බවද පැව­සූහ. තම දරු­වා­ගෙන් අමුතු සුව­ඳක් එන්නේ නම් වහා සොයා බලන ලෙස කියා සිටින ඒ නිල­ධා­රීහු මේ ඊ-සිග­රැට් විවිධ ආකා­ර­යට නිෂ්පා­ද­නය කර තිබෙන බවත් ඇතැම් විට අතේ බඳින ස්මාර්ට් වොච් එකක් ආකා­ර­යෙන්, කරේ දාන පටි­යක් ආකා­ර­යෙන් ඇති බවත් කියා සිටිති.