ජනතාව රැවටෙන යුගය දැන් අවසන් – හරිනි අමරසූරිය

තවදුරටත් සිටින්නේ රැවැට්ටීමට හැකි ජනතාවක් නොවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

ජනතාව රැවටෙන යුගය දැන් අවසන් වී ඇති බවත්, පාලකයන් එය හොඳින් මතක තබාගත යුතු බවයි ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරිය සඳහන් කළේ.

මේ වන විට අප දකිමින් සිටින්නේ යුගයක අවසන් මාස කිහිපය බවද, මෙම යුගය පවතිනුයේ තව මාස 6 ක් 7ක් පමණක් බවද ඇය වැඩිදුරටත් සඳහන් කළා.