බේකරි නිෂ්පාදන ආයතන 1000 ක් වැසී ගිහින් – බේකරි හිමියන්

අධික ජල, විදුලි බිල්පත් සහ වැට් බදු හේතුවෙන් රට පුරා පාන් ඇතුලු බේකරි නිෂ්පාදනය කරන ආයතන දහසකට වැඩි ප්‍රමාණයක් වසා දමා ඇති බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව බේකරි නිෂ්පාදන මිල ඉහළ යාම, බිත්තර මිල ඉහළ යාම සහ පාරිභෝගිකයින් බේකරි නිෂ්පාදන පරිභෝජනයෙන් ඉවත්වීම නිසා බේකරි කර්මාන්තය පසුබෑමකට ලක් වී ඇති බවයි එහි සභාපති එන්.කේ. ගුණවර්ධන සඳහන් කළේ.