Online පනතේ අඩුපාඩු නිවැරදි කර නොගන්නේ නම් කථානායකවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගේන්න වෙනවා – විපක්ෂ නායක

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත පාර්ලිමේන්තුව තුළ අනුමත කර ගැනීමට කටයුතු කළේ අනීතිකව බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග හා උපදෙස් අවස්ථා 9 කදී පැහැර හැරීමින් එම පනත අනුමත කර ඇති බවයි (21) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ.

පනතේ අඩුපාඩු නිවැරදි කර ගැනීමට කටයුතු නොකරන්නේ නම් කථානායකවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමටද සිදුවන බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළා.