ලාදුරු තුරන් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලාදුරු සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් මෙරටට

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලාදුරු සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් මාර්තු මාසයේදී මෙරටට පැමිණීමට නියමිත බව ලාදුරු මර්දන ව්‍යාපාරය පවසනවා.

ඉදිරි වසර දහය තුළ මෙරටින් ලාදුරු තුරන් කිරීම සඳහා එම පිරිස විසින් මාර්ග සිතියමක් සකස් කිරීමට නියමිත බවයි එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර සඳහන් කරන්නේ.

මේ වනවිටත් ලංකාවේ ලාදුරු තුරන් කිරීම සඳහා ලාදුරු මර්දන ව්‍යාපාරය විසින් විධිමත් වැඩසටහනක් පවත්වාගෙන යන බවත්, නමුත් ගිය වසරට වඩා ලාදුරු රෝගීන් හමුවීම් 10% කින් පමණ වැඩිවී ඇති බවත්, එම නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලාදුරු සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමේ සහාය ලබා ගැනීමට තීරණය කල බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටින්නේ.