පොත් ටිකත් ගනියි, අස්වැසුමත් ගනිිිියි, හැබැයි ඡන්දේ නම් ආණ්ඩුවට හම්බවෙන්නේ නෑ – ඩිලාන් පෙරේරා

මෙම මැතිවරණ වර්ෂය තුළ ජනතාව ආණ්ඩුවට එරෙහිව පෙළ ගැසීම නැවැත්වීම සඳහා විවිධ මර්ධනකාරී අණ පනත් ගෙන එමින් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා.

මේ වන විට මැතිවරණය ඉලක්ක කර ගනිමින් සීනි බෝල ලබාදීමට කටයුතු කරමින් සිටින අතර, ගොවි ජනපදවල අනාගතය ගැන සලකා බැලීමකින් තොරව ඔප්පු ලබාදීමට කටයුතු කරමින් ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

එසේම මැතිවරණය ඉලක්ක කරගනිමින් හදිසියේම යළිත් වැඩිපුර අස්වැසුම ලබාදීමට අයදුම්පත් කැඳවා ඇති බවත්, විවිධ මන්ත්‍රීවරුන් පොත් බෙදාදීම් සහ සංගීත සංදර්ශන පැවැත්වීමද සිදුකරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පොත් බෙදාදීම් සිදුකර, සංගීත සංදර්ශන පවත්වා, අස්වැසුම ලබාදෙන පවසමින් හා ඔප්පු දෙන පවසමින් ආණ්ඩුවට එරෙහිව ගොඩනැගෙන ජනතා බලය නැවැත්වීමට නොහැකි බවත්, පොත් සහ අස්වැසුම ජනතාව ලබාගත්තද ඡන්දය ආණ්ඩුවට නොලැබෙන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.