පුරවැසියන් බිය නොමැතිව ප්‍රශ්න කිරීමට ඉදිරිපත්වීමේ සමාජ වෙනස ගැන පාලකයින් බය වෙලා – හරිනි

පුරවැසියා විසින් සමාජ සම්මුතීන් අභියෝගයට ලක් කිරීම සම්බන්ධයෙන් සාම්ප්‍රදායික පාලක පන්තිය බියට පත්ව ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් පුරවැසියන් ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන්ද පාලකයන් බියට පත්ව ඇති බවයි (21) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරිය සඳහන් කළේ.

ආණ්ඩුව ඉදිරිපත් කරන පනත් හරහා සහ ඔවුන්ගේ දේශපාලන භාවිතාවන් හා ප්‍රකාශ හරහා එය හොඳින් පැහැදිළි වන බවත්, පුරවැසින් බිය නොමැතිව ප්‍රශ්න කිරීමට ඉදිරිපත්වීමේ සමාජ වෙනස සම්බන්ධයෙන් පාලක පන්තිය විශාල බියකට පත්ව ඇතිි බවත් ඇය සඳහන් කළා.

Online පනත සහ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වැනි පනත් හරහා, පුරවැසියන් තම නියෝජිතයින්ව ප්‍රශ්න කිරීම මර්දනය කිරීමට උත්සාහ කරමින් සිටින බවත්, සමාජය තුළ සිදුවෙමින් පවතින වෙනස කිසිසේත්ම දරා ගැනීමට නොහැකි පාලක පන්තියක් සිටින බවයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.