පසුගිය ඔක්තෝබර් මාසයේදී වැඩිකළ විදුලි බිල ඉදිරියේදී ඉවත් කිරීමට කටයුතු කරනවා – කංචන

ලබාදිය හැකි උපරිම සහනය පෙබරවාරි මාසයේ සිදුවන විදුලි ගාස්තු සංශෝධනයේදී ලබාදීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව පසුගිය ඔක්තෝබර් මාසයේදී වැඩිකළ ගාස්තු සියල්ල ඉවත් කිරීමට හෝ ඊටත් වඩා අඩු කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

2023 ඔක්තෝබර් මාසයේදී සිදුකළ විදුලි ගාස්තු සංශෝධනය අනුව ගෘහස්ත හා ආගමික සිද්ධස්ථන සඳහා 18% කින්, කර්මාන්ත හා හෝටල් සඳහා 12% ක්, රාජ්‍ය ආයතන සඳහා 24% ක් ලෙස විදුලි ගාස්තු වැඩි කර තිබුණා.