පරාටේ බලතල තාවකාලිකව අත්හිටුවීමට අදාළ යෝජනාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයට – රංජිත් සියඹලාපිටිය

මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් රැක ගැනීමේ අරමුණෙන් පරාටේ බලතල නිශ්චිත කාලයකට අත්හිටුවීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවයි.

ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් රැක ගැනීම සඳහා රජය පියවර රැසක් ගෙන ඇති බවත්, ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මේ වන විට විවිධ චක්‍රලේඛ 15ක් නිකුත් කර ඇති බවත් ඔහු පෙන්වා දුන්නා.