SL vs AFG 3rd T20 : අවසන් විස්සයි විස්ස තරගය අද

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ තුන්වන හා අවසන් තරගය අද (21) පැවැත්වෙනවා.

ඒ අනුව තරගය අද රාත්‍රී 7.00 ට රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතව තිබෙනවා.

දෙරට අතර තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලිය මේ වන විටත් තරග 2-0 ක් ලෙස ශ්‍රී ලංකාව ජයගෙන තිබෙනවා.