මෛත්‍රී වොෂින්ටන් බෞද්ධ විහාරය‌ට යයි

අමෙරිකාවේ විශේෂ සංචාරයක නිරත හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අමෙරිකාවේ වොෂින්ටන් ඩී.සී හි වොෂින්ටන් බෞද්ධ විහාරය සහ මේරිලන්ඩ් බෞද්ධ මධ්‍යස්ථානය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත විය.

එහිදී මහා සංඝරත්නය පිරිත් සජ්ඡායනා කරමින් මෛත්‍රීපාල සිරිසේන ට ආශිර්වාද කළේය‍.

එම අවස්ථාවට එක්ව සිටි අමෙරිකාවේ වාසය කරන ශ්‍රීලාංකික ප්‍රජාව සමඟද හිටපු ජනාධිපතිතුමා සුහද කතාබහකද නිරත විය.