ග්‍රීසිය සමලිංගික විවාහ නීතිගත කිරීමට අවසර ලබාදෙයි

සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා අවසර ලබාදීමට ග්‍රීසිය තීරණය කර තිබෙනවා.

(15)  එරට පාර්ලිමේන්තුවේ පැවැත්වූ ඡන්දයෙන් අනතුරුව මෙසේ සමලිංගික යුවල සඳහා සමාන අයිතිවාසිකම් ලබා දී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව සමලිංගික විවාහ නීතිගත කළ පළමු ක්‍රිස්තියානි ඕතොඩොක්ස් රට බවට ග්‍රීසිය පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.