ඊශ්‍රායලයෙන් ලෙබනනයට මිසයිල වැස්සක්

හෙස්බුල්ලා සංවිධානයේ රොකට් ප්‍රහාරයකින් ඊශ්‍රායලයේ සෙබළුකු ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීමට පිළිතුරු ලෙස පෙරේදා ඊශ්‍රායල හමුදාව දකුණු ලෙබනනයට එක දිගට එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් එක් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි ද, තවත් අටදෙනකු තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මිය ගිය පුද්ගලයා තම සංවිධානයේ සාමාජිකයකු බව හෙස්බුල්ලා නිවේදනයක සඳහන් වන බව ද වාර්තා වේ.

එම මිසයිල ප්‍රහාරය දකුණු ලෙබනනයේ හෙස්බුල්ලා සංවිධානයේ ඉලක්ක වෙත එල්ල කළ ප්‍රහාරයක් බව ඊශ්‍රායල හමුදාව නිවේදනය කර ඇති අතර, ඉදිරියේදී තවදුරටත් මිසයිල එල්ල වනු ඇතැයි ද අනාවැකි පළ වී තිබේ.