SL vs AFG T20 : ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරඟාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුත් සංචිතය සඳහා ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් වනවා.

දුෂ්මන්ත චමීර මෙම සංචිතයට ඇතුළත් කර තිබුණද, ඔහු තවමත් ආබාධයකින් සුවය ලබමින් සිටින බැවින් එම ස්ථානයට බිනුර ප්‍රනාන්දු නම් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අදාළ සංචිතය පහතින්.

news images